උඩරට දුම්රිය මාර්ගයට කුණු කන්දක් කඩා වැටෙයි

October 24, 2022 - 12:16 PM

උඩරට දුම්රිය මාර්ගයට කුණු කන්දක් කඩා වැටෙයි | දේශීය පුවත්

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට යාබඳ දුම්රිය මාර්ගයට අද (24) අලුයම 05ට පමණ කැලි කසළ සහිත විශාල පස් කන්දක් කඩා වැටී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය තුනක කාලයක් ඇනහිට වූ බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර හැටන් වටරවුම් මාර්ගය අසල දී කැලි කසළ සහිත පස් කන්ද කඩා වැටීම හේතුවෙන් නානුඔය සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එන්ජිම පස් කන්දේ ගැටී තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය එන්ජිමේ වැකුම් නළයකටද අලාභ හානි සිදු වී තිබු බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.

හැටන් වටරවුම් මාර්ගයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහළින් කැලි කසළ බැහැර කිරීම නිසා හැටන් නගරයට ඇඳහැලුනු අධික වර්ෂාවත් සමග කැලි කසළ සහිත පස් කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

දුම්රිය මාර්ගයට කඩා වැටුනු කැලි කසළ සහිත පස් කන්ද දුම්රිය මාර්ග නඩත්තු සේවකයින් විසින් ඉවත් කිරීමෙන් පසු උදැසන 08.30ට පමණ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත් වුණි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment