ඇමරිකාවේ නිව්යෝක් හිදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ ප්‍රකට ගත් ගතුවරයෙකු වන සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම අහිමිවී තිබෙනවා.
ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ එක් අතක් ද අප්‍රාණික වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උත්සවයක් අමතමින් සිටියදී පසුගිය අගෝස්තු මාසයේදී සල්මන් රුෂ්ඩිට මෙලෙස ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ 24 හැවිරිදි මාතාර් නම් පුද්ගලයෙකු විසින්.
ප්‍රහාරය හේතුවෙන් තවදුරටත් ඔහුගේ පපුවේ තුවාල 15 ක් පමණ පවතින බව ද සඳහන්.
75 හැවිරිදි වියේ පසුවන සල්මන් රුෂ්ඩි රචනා කළ ද සාතනික් වර්සස් නම් කෘතිය හේතුවෙන් ඉස්ලාම් සටන්කාමීන්ගෙන් ඔහුට නිරන්තරයෙන් ජීවිත තර්ජන එල්ල වී තිබුණා.
සල්මාන් රුෂ්ඩි අවස්ථා කිහිපයක දීම බුකර් සම්මානයට නිර්දේශ වූ අතර, 1981 වසරේ දී ඔහු ලියූ 'මිඩ්නයිට් චිල්ඩ්‍රන්ස්' නම් කෘතියට බුකර් සම්මානය දිනා ගත් ලේඛකයෙක්.