බංග්ලාදේශය ට තියුණු ජයක් - #T20WorldCup - Bangladesh Vs Netherland

October 24, 2022 - 1:18 PM

බංග්ලාදේශය ට තියුණු ජයක් - #T20WorldCup - Bangladesh Vs Netherland | ක්‍රීඩා පුවත්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 9කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කාණ්ඩායමට ලබාදී තිබුණි. 

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබාගත්තේය.

එහිදී බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් අෆීෆ් හොසේන් ලකුණු 38ක් රැස්කළ අතර නජ්මුල් හොසේන් ශාන්තෝ ලකුණු 25ක් රැස්කළේය.

ඒ, අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 145ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගත්තේ, ලකුණු 135ක් පමණි.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නියැළුණු කොලින් ඇකර්මන් ලකුණු 62ක් රැස්කළේය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහමඩ් කඩුලු 4ක් දවාගත් අතර හසන් මහමුද් කඩුලු 2ක් දවාගත්තේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment