ශ‍්‍රි ලංකා ගුවන් හමුදා 71 වන සංවත්සරය වෙනුවෙන් බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවරදී

October 24, 2022 - 2:33 PM

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා 71 වන සංවත්සරය වෙනුවෙන් බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවරදී | දේශීය පුවත්

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා 71 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලැබු බෞද්ධ ආගමික පූජෝත්සවය 2022 ඔක්තෝම්බර් මස 22 හා 23 දිනයන්හීදී මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුර්ශන පතිරණ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
 
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුර්ශන පතිරණ මැතිතුමන්, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධමිමසිද්ධි ශ‍්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක මාහිමිපානන් සහ මල්වතු මහවිහාර පාර්ශ්වයේ මහනායක තිබිබටුවාවේ ශි‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක මාහිමිපානන් බැහැදැක අශිර්වාද ලබාගන්නා ලදි. 
 
මානාහිමිපානන් වහන්සේලා බැහැදැකීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා ඇතුළු පිරිස ශ‍්‍රි දළදා වහන්සේ වැදපුදා ගනිමින් අශිර්වාද ලබාගන්නා ලදි .
 
මෙම බෞද්ධ ආගමික උත්සවයට සමගාමිව අස්ගිරි මල්වතු විහාස්ථානන් හි වැඩවසන භික්ෂුන් වහන්සේ වෙනුවෙන් හා ශ‍්‍රි දළදා මලිගාෙවි සියළුම සේවක මහතුන් වෙනුවෙන් වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂකය විසින් පවත්වන ලදි. 
 
ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු මෙම බෞද්ධ ආගමික පූජෝත්සවයේ දි තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදු ගුවන් හමුදා රණවිරුවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කිරිමේ හා සකි‍්‍රය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා සේවා පුද්ගලයින්හට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීම ද සිදු කරන ලදි  
 
මෙම අවස්ථාව සදහා ,ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනී පතිරණ මැතිණිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරීන් හා කදවුරු/ඒකක නියෝජනය කරමින් අණදෙන නිළධාරිවරුන් මෙන්ම විවිධ වෘත්තීන් වල ගුවන් භටයින් පිරිසක් ද මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.

newsx-sri-lanka-1666602177_5325671

 newsx-sri-lanka-1666602175_9346510

newsx-sri-lanka-1666602177_5346308

 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment