යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසාකළ අයට වැඩ වරදියි

October 24, 2022 - 3:01 PM

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසාකළ අයට වැඩ වරදියි | දේශීය පුවත්

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කරයි.

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැරවන පරිදි වාහනවලින් ගොස් හැසිරුණු පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව එසේ කටයුතු කළ පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන්ම අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්ෂි වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතින බව සඳහන් වෙයි.

එම පුද්ගලයින් සියලුදෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබන්ඩාර මහතා පවසයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment