21ට පාර්ලිමේන්තුවේ නොසිටි මන්ත්‍රීවරුන් ගැන නාමලේඛනයක් ඉල්ලා පාර්ලිමේන්තුවට ලිපියක්

October 24, 2022 - 3:14 PM

21ට පාර්ලිමේන්තුවේ නොසිටි මන්ත්‍රීවරුන් ගැන නාමලේඛනයක් ඉල්ලා පාර්ලිමේන්තුවට ලිපියක් | දේශීය පුවත්

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දින ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පාර්ලිමේන්තුවට ලිපියක් යොමුකර තිබෙනවා.

ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන් සියලු දෙනා තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූයේ ඇයි දැයි ජනතාවට පැහැදිලි කිරීමේ යුතුකමක් පවතින බවයි ඔහු එමඟින් සඳහන් කර ඇත්තේ.

තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව මන්ත්‍රීවරයා මෙම ලිපිය පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත යොමුකර තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment