රුසියාවේ ආරක්ෂක ඇමති ඇමරිකාවේ ආරක්ෂක ලේකම් සමඟ දුරකථන සංවාදයක

October 24, 2022 - 3:19 PM

රුසියාවේ ආරක්ෂක ඇමති ඇමරිකාවේ ආරක්ෂක ලේකම් සමඟ දුරකථන සංවාදයක | විදේශීය පුවත්

රුසියාවේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගූ ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

යුක්රේන තත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දින තුනක් තුළ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇමරිකානු ආරක්ෂක ලේකම් වෙත දුරකථන ඇමතුම් දෙකක් ලබා දී ඇති අතර එහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කර නැහැ.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ ප්‍රංශයේ සහ තුර්කි ආරක්ෂක අමාත්‍යවරුන් සහ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් සමඟ ද දුරකථන සංවාද පවත්වා තිබෙනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මෙම සාකච්ඡා පවත්වා ඇත්තේ රුසියාව විකිරණශීලි ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට යුක්රේනය චෝදනා කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment