ඩොලර් වලින් ගෙවන්න.... ගෙදරටම ගෑස් ගෙන්න ගන්න

September 02, 2022 - 2:59 PM

ඩොලර් වලින් ගෙවන්න.... ගෙදරටම ගෑස් ගෙන්න ගන්න | දේශීය පුවත්

ලබන සතියේ සිට ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදී ඩොලර් ගෙවා ගෑස් ඇණවුම් කර ගත හැකි ක්‍රමයක් හඳුන්වාදෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

මෙය ක්‍රමවේදය ඔස්සේ පිටරට සිටින අයට ඩොලර් ගෙවා ලංකාවේ ගෑස් ඇණවුම් කර තමන්ගේ හිතවතුන්ට ලබාදීමට හැකි බව ඔහු පවසයි.

මේ වෙනුවෙන් ගෙවීමට සිදුවන්නේ ඩොලර් 15ක් වැනි ඉතා අඩු මුදලක් බව ඔහු සඳහන් කරයි.

එහිදී එම ඇණවුම් සුරක්ෂිත කිරීමටත් සමාගමට අවශ්‍ය ඩොලර් සංචිතයක් පවත්වාගෙන යාමට මේ හරහා බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment