ලීසිං වාරික ගෙවාගැනීමට නොහැකිව අසරණ වූ පුද්ගලයින්ගේ රථ වාහන සීසර්වරුන් වෙත පවරාගැනීමට කිසිදු බලයක් නොමැති බව ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පවසයි.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
කොළඹ ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේදී මෙම මාධ්‍ය හමුව පැවති අතර එයට පොලිස් ආරක්ෂාව ලබාගෙන තිබීම ද විශේෂත්වයකි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා.
"අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ කිසිදු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා නැති ආකාරයකට. විශේෂ පොලිස් ආරක්ෂාවක් අද අපි ලබාගෙන තිබෙනවා. මේ ලීසිං මාෆියාව කෙතරම් දරුණු තත්ත්වයකට පත්වෙලා ද කියන එකට හොඳම උදාහරණය තමයි අද අපිට මාධ්‍ය සාකඡාව පවත්වන්න වෙලා තියෙන්නේ පොලීසියේ ආරක්ෂාව යටතේ. අද මේ රටේ කිසිම වාහනයක් උස්සන්න සීසර්ලට අවස්ථාවක් නෑ. නීතිමය බලයක් නෑ. සියලුම ලීසිං වාරික ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ වාහනය කිසිදු ආකාරයකට සීසර්ලාට කුළී හේවායන්ට අත්පත් කරගැනීමේ බලයක් මේ චක්‍රලේඛනය තුළ නෑ. මේ චක්‍රලේඛනයෙන් ඒ බලය අහෝසි කරලා තියෙනවා. වාහන භාරදෙන්න හෝ වාහන උස්සන් යන්න කිසිම අවස්ථාවක ඉඩ ප්‍රස්ථාවක් ලබදෙන්න එපා. නමුත් මේ චක්‍රලේඛනයට පටහැනිව යමින් සමහර ලීසිං ආයතන වාහන අත්පත් කරගැනීම් කරනවා. අපි දිගින් දිගටම මේ ගැන පොලිස්පතිවරයාට දැනුවත් කළා. අපිට විශාල සැකයක් තියෙනවා මහබැංකුවේ ඉහළ නිලධාරීන් මේ ලීසිං කොම්පැනිත් එක්ක ඩීල් එකක් දාගෙන ද ? ඒ ඩීල් එකටද මේ නිද්‍රාශීලීව මේ දෙස බලාගෙන සිටින්නේ. මහපොළොවේ මේක යථාර්තයක් නෙවෙයි නම් මේ වගේ පුහු ලියවිලි අපිට වැඩක් නෑ. මේ වගේ පුහු ලියවිලිවලින් වෙන්න තව තවත් රටේ ජනතාව අසීරුවට පත්කරන එක සහ ජනතාව නොමග යැවීමක්, ඒ නිසා මේ වගේ පුහු ලියවිලි ඉදිරිපත් කරන්න එපා කියලා අපි මහ බැංකුවේ අධිපතිතුමාට දැනුම්දීමක් කරනවා."
"ඇරියස් වෙච්ච වාහන හිමිකරුවන් දැන් මේ වෙනකොට ඒ රියදුරන් අයිතිකරුවන් වාහනය ධාවනය කරන්නේ තමන්ගේ රියදුරු ආසනය ගාව මොනයම් හෝ ආයුධයක් තියාගෙන, ඒ තමන්ගේ ආරක්ෂාවට තියාගෙන යන්නේ. බල්ලන්ට වගේ ගහලා පොලුවලින් ගහලා වාහන අත්පත් කරගන්නවානම්. ඒකට විරුද්ධව මේ වෙනකොට සියලුම ජනතාව නැගී සිටින්න ඕන."