වැදි ජනයාගේ ප්‍රවේණි උරුමය ඩීඑන්ඒ මගින් නිවැරදිව හඳුනාගැනීම සඳහා ජීන් ටෙක් අයතනය මගින් දඹාන ආදිවාසී ගම්මානයේ වැසියන්ගෙන් අහඹු ලෙස රුධිර සාම්පල් ගැනීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.
සමීප නෑදෑ සබඳතා නැති පවුල්වලින් පුද්ගලයන් 50 දෙනකු තෝරාගෙන මෙම නියැදි රැස්කිරීම සිදුකරන බවත්, කොළඹ විශ්වවිද්‍යාලය මගින් සිදුකරන විමර්ශනයක් අනුව තමන් මෙම රුධිර සාම්පල් ලබාගන්නා බවත් ජීන් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය නන්දික පෙරේරා මහතා 23දා දඹානේදී ප්‍රකාශ කළේය.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු පැවසුවේ ඉහත ආයතන විසින් තමන් වෙත ලබාදුන් ලිඛිත ඉල්ලීමක් මත රුධිර සාම්පල් ලබාගැනීමට අවසර ලබාදුන් බවයි. මෙම පරීක්ෂණයෙන් පසු වැදි ජනයා ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ කුමන ජනවර්ගය සමග වඩාත් කිට්ටු සබඳතා පවත්වන්නේදැයි හඳුනාගැනීමට හැකිවන බව ආචාර්ය නන්දික පෙරේරා මහතා මෙහිදී පැවසීය.