අද අර්ධ සූර්යග්‍රහණයක්

October 25, 2022 - 7:26 AM

අද අර්ධ සූර්යග්‍රහණයක් | දේශීය පුවත්

අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව අද (ඔක්. 25) පස්වරුවේ ශ්‍රී ලාංකිකයින්ට හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

එම අර්ධ සූර්යග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශ බොහෝමයකට දිස්වනු ඇත.

එය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයට හොදින් ම දිස්වන බව මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, මෙම වසරේ සිදුවන අවසන් සූර්යග්‍රහණය එය වනු ඇත.

මේ අතර, ලබන මස 8 වන දින චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව ද මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment