අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස - #T20WorldCup - Sri Lanka Vs Australia (SL Vs AUS)

October 25, 2022 - 10:03 AM

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස - #T20WorldCup - Sri Lanka Vs Australia (SL Vs AUS) | ක්‍රීඩා පුවත්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 04.30ට තරගය ආරම්භ වීමට නියමිතය.

මේ අතර අද තරගය සඳහා ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්වීමට නියමිතව ඇත.

මේ අතර ප්‍රමෝද් මදුශාන්ගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් වුවද අද තරගයේදී ඔහු විවේක ගැන්වීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අශේන් බණ්ඩාර අද තරගය සඳහා ක්‍රීඩා නොකරන අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයේදී වේග පන්දු යවන්නන් ලෙස ලහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසන්නේ පර්ත් ක්‍රීඩාංගණයේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයට එක්වන අවසන් 11 දෙනා තීරණය කිරීමට නියමිත බවය.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරගය නවසීලන්තයට පරාජය විය.

ඔස්ට්‍රේලියාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ රැඳී සිටී.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටින අතර මෙම තරගය දෙපාර්ශවයටම වැදගත් තරගයක් බව ක්‍රිකට් විචාරකයින් පවසයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment