අද ගල්අඟුරු නෞකාවක් දිවයිනට

October 25, 2022 - 10:29 AM

අද ගල්අඟුරු නෞකාවක් දිවයිනට | දේශීය පුවත්

ගල්අඟුරු රැගත් නෞකාවක් අද (25) දිනයේ මෙරටට පැමිණිමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ අද පස්වරුවේ එම නෞකාව මෙරටට ළඟාවීමට නියමිත බවය.

අදාළ නෞකාවේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් පවතින බව වාර්තා වේ.

නෞකාව පැමිණීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු හෙට (26) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මීට පෙර ගිවිසුම් ගතවූ සමාගමෙන් මෙම ගල්අඟුරු තොගය ආනයනය කර ඇති අතර ඉදිරියේදී තවත් ගල්අඟුරු රැගත් නෞකා 05ක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව නාමල් හේවගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment