"SITRANG" සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ 07 දෙනෙකු මරුට

October 25, 2022 - 10:35 AM

"SITRANG" සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ 07 දෙනෙකු මරුට | විදේශීය පුවත්

"SITRANG" සුළි කුණාටුවේ බලපෑමෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

සුළි කුණාටුවෙන් සිදුවූ අනතුරු හේතුවෙන් මෙම පුද්ගලයින් මියගොස් ඇති අතර එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ද මියගිය පිරිස අතර  සිටින බව වාර්තා විය.

බංග්ලාදේශයේ ඩකා, නාගලකොට් ඇතුළු ප්‍රදේශ රැසකට සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල ව ඇත.

"SITRANG" සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බංග්ලාදේශයේ කොක්ස් බසාර් වෙරළ තීරයෙන් පුද්ගලයින් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරියේදී ඇතිවිය හැකි  ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මේ වන විට ආරක්ෂිත ස්ථාන 576ක් සූදානම් කර ඇති බව වාර්තා වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment