යාල සිද්ධියට නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම්

October 25, 2022 - 10:39 AM

යාල සිද්ධියට නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් | දේශීය පුවත්

යාල වනෝද්‍යානයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු නොකළ නිලධාරීන්ගේ සේවය, පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් අත්හිටුවීමට පියවර ගන්නා බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි.

ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම සිද්ධියට සම්බන්ධ සෆාරි මගපෙන්වන්නන් 7 දෙනෙකුගේ සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවන බවය.

මෙවැන්නක් සිදුවන්නේ නම් එම නිලධාරීන්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරින්ට දැනුම්දීමට හැකියාව තිබුනද ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවද අමාත්‍යංශ ලේකම්වරිය වැඩිදුරටත් පවසයි.

මේ අතර පසුගියදා වන සතුන්ට හිරිහැර වන අයුරින් යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීමට ගොස්  අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින් කුමන තරාතිරමක අය වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිතුමාට ලිපියක් යවන ලෙස ද වනජීවී අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරිය වෙත උපදෙස් ලබා දී තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment