ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් අබිරහස් ලෙස මරුට

October 25, 2022 - 11:40 AM

ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් අබිරහස් ලෙස මරුට | දේශීය පුවත්

ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි 72 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙක් සිය මැල්සිරිපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමේදී අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

එම ඉංජිනේරුවරයාගේ නිවසේ වැඩට සිටි පුද්ගලයාගේ සිරුර මීට දින කිහිපයකට පෙර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබුණි.

මේ අතර පොලීසිය පැවසුවේ එම පුද්ගලයා විසින් නිවසේ හිමිකරු (සිවිල් ඉංජිනේරුවරයා) අතුරුදන් බවට මේ මස 01 වනදා පොලීසියට පැමිණිලි කර තිබූ බවය.   
 
එම පුද්ගලයාගේ සිරුර නිවස තුළ තිබී හමුවීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ඉඩමේ සෝදිසි කර ඇති අතර එහි කෙසෙල් කොට ගොඩක් ඉවත්කර බැලූ විට හමුවූ වළක තිබී එම ඉංජිනේරුවරයාගේ සිරුර හමුවූ බව පොලීසිය පැවසීය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment