ඉංජිනේරු ගැටලු ගැන විජිත හේරත්ට දුක්ගැනවිල්ලක්

October 25, 2022 - 11:48 AM

ඉංජිනේරු ගැටලු ගැන විජිත හේරත්ට දුක්ගැනවිල්ලක් | දේශීය පුවත්

ශ්‍රී ලංකා ඉන්ජිනේරු සංස්ථාවේ "ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ එකමුතුව" විසින් ඊයේ (24) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මුණ ගැසී තිබෙනවා.

ඒ, පැළවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව මේ දිනවල මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වූ බව සඳහන්.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඉදිකිරීම් ලබා නො දීම, ඉදිකිරීම් නිම කළ වැඩ බිම් සඳහා ගෙවිය යුතු මුදල් නො ගෙවීම, වැටුප් ගෙවීම ප්‍රමාද වීම සහ රැකියා සුරක්ෂිතභාවය අහිමි කිරීම යන කාරණා සම්බන්ධයෙන් ද මෙහි දී සංස්ථා සේවකයන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ ජාතික එකමුතුවේ සම කැඳවුම්කරු මංජුල සිරිසෝම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට වූ බව යි වාර්තා වන්නේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment