යාල වනෝද්‍යානයේ නීති විරෝධී ලෙස හැසිරුණු පුද්ගලයන් සහ මෝටර් රථ අසාදු ලේඛනයට

October 25, 2022 - 2:14 PM

යාල වනෝද්‍යානයේ නීති විරෝධී ලෙස හැසිරුණු පුද්ගලයන් සහ මෝටර් රථ අසාදු ලේඛනයට | දේශීය පුවත්

යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවන පරිදි නීතිවිරෝධීව හැසිරුණු පුද්ගලයින් හා මෝටර් රථ, වසර 3ක් යන තෙක් මෙරට කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නො හැකි වන පරිදි අසාදු ලේඛනගත කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මෙම පියවර ගත් බව යි වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ.

සිද්ධියට අදාළ මෝටර් රථ හඳුනාගෙන එම පුද්ගලයන්ට නඩු පැවරීම, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු නිරීක්ෂණය කිරීම, අදාළ පුද්ගලයන්ට වනෝද්‍යානයට ඇතුළු වීමට සහාය දුන් නිලධාරින්, ඉහළ නිලධාරින්ට ඒ පිලිබඳ දැනුවත් නො කිරීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ තහනම් කිරිම ද මෙහි දී ගත් තීරණ අතරට ඇතුළත්.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment