කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල - උතුවන්කන්ද ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටී අද (25) දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව යි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.