ප්‍රමිති ආයතනය ඉදිරිපිට පිටි හැලිල්ලක්

October 25, 2022 - 3:01 PM

ප්‍රමිති ආයතනය ඉදිරිපිට පිටි හැලිල්ලක් | දේශීය පුවත්

තිරිඟු පිටිවල ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීම සඳහා අද (25) උදෑසන සිවිල් සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණියා.

වෙ‍ළෙඳපොළේ ඇති තිරිඟු පිටිවල දුර්වල ප්‍රමිතිය පිළිබඳ මාධ්‍යයට පෙන්වීමට ඔවුන් එහි දී කටයුතු කළා.

ආපණ ශාලා හිමියන්ගේ සංගමය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණියේ තිරිඟු පිටිවල ප්‍රමිතියක් නොමැති බව පෙන්වා දීම සඳහා යි.

එහි දී ඔවුන් සහ ප්‍රමිති ආයතනයේ නිලධාරීන් අතර පැයක පමණ කාලයක් සාකච්ඡාවක් පැවතියා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment