ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාදඟ පන්දුයවන ක්‍රීඩක ඇඩම් සැම්පා ට කොවිඩ් -19 ආසාදනය වෙයි

October 25, 2022 - 3:09 PM

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාදඟ පන්දුයවන ක්‍රීඩක ඇඩම් සැම්පා ට කොවිඩ් -19 ආසාදනය වෙයි | ක්‍රීඩා පුවත්

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාදඟ පන්දුයවන ක්‍රීඩක ඇඩම් සැම්පා ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.

ඔහු අද (25) ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයට එක වන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලිව කරුණු දක්වා නොමැත.

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 20/20 ලෝක කුසලාන තරගය පර්ත් හිදී පැවැත්වෙයි.

සැම්පා ට සුළු වශයෙන් රෝග ලක්ෂණ දක්නට ලැබෙන බව ද වාර්තා වෙයි.

නමුත් පසුගියදා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයට කොවිඩ් ආසාදිතව සිටි අයර්ලන්ත කණ්ඩායමේ ජෝර්ජ් ඩොක්රල් ක්‍රීඩා කළේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment