මාවනැල්ල බස් - බස් අනතුරෙන් කාන්තාවක් මරුට

October 25, 2022 - 4:02 PM

මාවනැල්ල බස් - බස් අනතුරෙන් කාන්තාවක් මරුට | දේශීය පුවත්

අද (25) දහවල් මාවනැල්ල අන්වාරම ප්‍රදේශයේදී කොළඹ - නුවර මාර්ගයේ සිදුවූ බස් අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

වංගුවක් සහිත ස්ථානයකදී ලංගම බස් රථයක් තවත් ලංගම බස් රථයක් ඉස්සර කර ඉදිරියට ධාවනය වන විට ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවිය.

ඉන් තුවාල ලැබූ 38 දෙනෙක් මාවනැල්ල රෝහලට ඇතුළුකර තිබූ අතර ඉන් 05 දෙනෙක් බරපතළ තුවාල ලබා සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මරණකාරිය 67 හැවිරිදි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික ගුරුවරියකි.

newsx-sri-lanka-1666694369_140917

newsx-sri-lanka-1666694369_2198126

newsx-sri-lanka-1666694370_7151268

newsx-sri-lanka-1666694372_4126070

newsx-sri-lanka-1666694372_771963

newsx-sri-lanka-1666694372_8272771

newsx-sri-lanka-1666694373_9963534

newsx-sri-lanka-1666694376_3925054

newsx-sri-lanka-1666694377_1126384

newsx-sri-lanka-1666694377_3264244

WhatsApp
Telegram
Make a Comment
Make a Comment