පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක්

October 25, 2022 - 5:20 PM

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක් | දේශීය පුවත්

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එසේම හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, දිවයින පුරා පවතින වැසි තත්වය තරමක් දුරට අඩුවනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment