Eco Tablet ඉන්ධන සංකලන පෙත්ත ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්

October 25, 2022 - 5:33 PM

Eco Tablet ඉන්ධන සංකලන පෙත්ත ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක් | දේශීය පුවත්  | ව්‍යාපාරික පුවත්

ඉකෝ ටැබ්ලට් නමැති ඉන්ධනවලට සංකලනය කරන පෙත්තක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය වූ පුවත ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ, මෙවැනි පෙත්තක් (Eco Tablet) වෙළෙඳපොළ තුළ ඇති බවත් සිපෙට්කෝ ඉන්ධන සමග සංකලනය කිරීම සඳහා කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතියක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදී නොමැති බවත්ය.

එම සංකලන පෙත්ත මගින් පෙට්‍රල් ඔක්ටේන් අංකය වැඩිකිරීම සහ ඉන්ධනවල ගෙන්දගම් ප්‍රමාණය අඩුකිරීම මෙන්ම ඉන්ධනවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සිදුවන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ නිවේදනය පහතින්,

newsx-sri-lanka-1666699079_7616507

 newsx-sri-lanka-1666699081_7896133

 newsx-sri-lanka-1666699079_2961619

WhatsApp
Telegram
Make a Comment
Make a Comment