ඔස්ට්‍රේලියාවට ලකුණු 158ක ඉලක්කයක් - #T20WorldCup - Sri Lanka Vs Australia

October 25, 2022 - 6:26 PM

ඔස්ට්‍රේලියාවට ලකුණු 158ක ඉලක්කයක් - #T20WorldCup - Sri Lanka Vs Australia | ක්‍රීඩා පුවත්

20/20 ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබාගත්තේය.

තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි. 

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 40ක් රැස්කළ අතර චරිත් අසලංක නොදැවී ලකුණු 38ක් රැස්කළේය.

ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 158ක් ලබාගත යුතුය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment