ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදීගැනීමේ ටෙන්ඩරය ඩුබායි හි පිහිටි සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (25) ඉල්ලා අස් කරගෙන තිබේ.
මෙම ප්‍රශ්නගත ටෙන්ඩරය රජය විසින් මේ වනවිට අවලංගු කර ඇති හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍ය නොවන නිසා එය ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස උන් වහන්සේගේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර හිමිවී ඇත.