වහලය මත සවිකරන සූර්යබල පද්ධති ගාස්තු සංශෝධනය කෙරේ

October 25, 2022 - 8:06 PM

වහලය මත සවිකරන සූර්යබල පද්ධති ගාස්තු සංශෝධනය කෙරේ | දේශීය පුවත්

වහලය මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සමාජ මාධ්‍ය වෙත සටහනක් එකතු කරමින් ඔහු පෙන්වා දුන්නේ,

"වහලය මත සවිකරන නව සූර්ය පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවී ඇති අතර, පැවැති රුපියල් 22ක සහ රුපියල් 15.50ක ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට කිලෝවොට් 500ට අඩු නව පද්ධතිය වෙනුවෙන් රුපියල් 37ක සහ කිලෝවොට් 500ට වැඩි නව පද්ධති වෙනුවෙන් රු 34.50ක ස්ථාවර නව ගාස්තුව වසර 20කට ක්‍රියාත්මක වේ."

newsx-sri-lanka-1666708498_1663830

WhatsApp
Telegram
Make a Comment
Make a Comment