IMF කොල එළියට ෆිච් රෙටින් රතු එලි දල්වයි....

September 03, 2022 - 12:23 PM

IMF කොල එළියට ෆිච් රෙටින් රතු එලි දල්වයි.... | දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීමට එකඟ වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමටත් දේශපාලන අස්ථාවරත්වය අවදානමක් ඇති කරන බව ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය පෙන්වා දෙනවා. 

 
 
මහජන විරෝධය වැළැක්වීමට රජය සමාජය වෙනුවෙන් සිදුකරන වියදම් වැඩි කර තිබුණත් ආණ්ඩුවට මහජනතාව ලබා දෙන සහයෝගය දුර්වල බව පෙනෙන්නට තිබෙන බවයි එම ආයතනය සඳහන් කළේ. 
 
අදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඉදිරිපත් කර ඇති වැඩසටහනේ ප්‍රධාන අංගයක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවා. 
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන මඟින් අයවැය පරතරය අවම කරගනිමින්, නම්‍යශීලී විනිමය අනුපාත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ඇතුළුව සාර්ව ආර්ථික ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සැකසීම්වල තියුණු වෙනසක් සංඥා කරන බව පෙනෙන්නට තිබෙන බව ද ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කළා. 
 
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ඉටු කරන තුරු කාර්ය මණ්ඩල ගිවිසුමට විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි නොවන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙනවා. 
 
ණය හිමියන්ගෙන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට උත්සාහයක් ගෙන තිබීම එක් නිර්දේශයක් බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවේ. 
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවට තක්සේරු කර ඇති නිසා ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය ණය සහන මත පදනම් විය යුතු බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරනවා. 
 
2024 වසර වනවිට ශ්‍රී ලංකාවේ මූලික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 2.3 කින් ඉහළ යන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පුරෝකථනය කළා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment