Indo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් (HMAS Adelaide) සහ (HMAS ANZAC) යන යුද නෞකා දෙක (25) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මෙම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඕස්ට්‍රේලියාව සහ කලාපීය රාජ්‍යයන් අතර, ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Indo-Pacific Endeavour වැඩසටහන 2017 වර්ෂයේ සිට ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.
ඒ අනුව, Indo-Pacific Endeavour 2022 යටතේ සිදුකරනු ලබන අභ්‍යාස සඳහා සහය ලබාදිමටයි රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවන් අග්නිදිග ආසියාතික කලාපීය සහ ඉන්දීය සාගර කලාපීය රාජ්‍යයන් වන නැගෙනහිර ටිමෝරය, වියට්නාමය, පිලිපීනය, ලාඕසය, කාම්බෝජය, තායිලන්තය, බෲනායි රාජ්‍ය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, මාලදිවයින සහ ඉන්දියාව යන රාජ්‍යයන් 14 ක් වෙත සංචාරය කරනු ලබන්නේ.
ඒ අනුව, Indo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගී වන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය මෙලෙස අද (25) කොළඹ වරායට සේන්දු වූ අතර, කොමදෝරු ‘මැල් වයිස්’ (Cmde Mal Wise), ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබනවා.
කොළඹ වරායට සේන්දු වූ Landing Helicopter Dock (LHD) වර්ගයට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ යුද නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් එස්ජේ වෝටර්ස් (Capt SJ Watters) කටයුතු කරනු ලබන අතර, එම නෞකාව දිගින් මීටර් 230ක් හා නැව් මුළුව 543ක ගෙන්ද, ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 08 කින්ද සමන්විතයි.
‘එච්එම්ඒඑස් ඇන්සාක්’ නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කොමාණ්ඩර් DM MCPHERSON කටයුතු කරනු ලබන අතර, එම නෞකාව දිගින් මීටර් 118ක් හා නැව් මුළුව 191 දෙනෙකු ගෙන්ද, එක් ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවකින්ද සමන්විත වනවා.
Indo-Pacific Endeavour 2022 ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී, කොමදෝරු මැල් වයිස් (Cmde Mal Wise) අද (25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු වුණා.
එහිදී කොමදෝරු මැල් වයිස් (Cmde Mal Wise) සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් සිදුකෙරණු අතර, එම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවී තිබෙනවා.
Indo-Pacific Endeavour 2022 යටතේ මෙම නෞකාවන් හීදී, සමුද්‍රීය ආරක්‍ෂාව සහ උභයතරණ මෙහෙයුම් පිළිබඳ සම්මන්ත්‍රණ හා දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මගින් සංවිධානය කර තිබෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සඳහා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් පිරිසක් සඳහා මෙම නෞකාවන්ගේ පහසුකම් නිරීක්‍ෂණය කිරීමේ සංචාරයක්ද සංවිධානය කර තිබෙනවා.
මෙම නෞකා ද්විත්වය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුල දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහාද එම නෞකාවන්ගේ නැව් මුළුවන් සහභාගී වීමට නියමිතයි.
මෙම නෞකා ද්විත්වය 2022 ඔක්තෝබර් මස 26 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතව ඇති අතර, මෙවැනි නාවික අභ්‍යාස මඟින් වැඩිදියුණු වන මිත්‍රත්වය සහ සහයෝගීත්වය තුළින් පොදු සමුද්‍රීය අභියෝග ඉදිරියේදී සාමූහිකව ජය ගැනීම සඳහා මහඟු පිටුවහලක් වනු ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.