තලවකැලේ- පුඩළුඔය මාර්ගයට තලවකැලේ, හොලිරූඩ් ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.
අද (25) සවස එම පස්කන්ද කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිරවී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
දින කිහිපයක් පුරා ප්‍රදේශයට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් මාර්ගයට මෙසේ විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.
මේ හේතුවෙන් තලවකැලේ - පුඩළුඔය මාර්ගය භාවිතා කරන රියදුරන් ඒ වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
මෙම නායයෑම සිදුවු ස්ථානයට පහළ ප්‍රදේශයේ නිවසක් මතට ද පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ කොටසක් විනාශයට පත්වී ඇති බවද අප වාර්තාකරු පැවසීය.