යාල සිද්ධිය ගැන පරිසර සංවිධාන හඬ නගයි

October 26, 2022 - 9:10 AM

යාල සිද්ධිය ගැන පරිසර සංවිධාන හඬ නගයි | දේශීය පුවත්

පසුගිය දිනක යාල ජාතික වනෝද්‍යානය තුළදී වනසතුන්ට හිංසා සිදුවෙන අයුරින් සහ අනතුරුදායක ලෙස වාහන ධාවනය කරමින් විනෝද වූ පිරිස සම්බන්ධයෙන් මේ වනවිට යම් යම් කරුණු හෙළිවී ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කළේ,

“දැනට අපිට දැනගන්න ලැබිලා තිබෙනවා.. ලංකාවේ දේශපාලනඥයින්ට සම්බන්ධ අය, ඒ වගේම ලංකාවේ විවිධ මස් ව්‍යාපාර, බිත්තර ව්‍යාපාරවලට සම්බන්ධ පිරිස්, පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඇතැම් පිරිස් මේ අතර සිටි බවට.”

“ඉතින් ඒ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලිය යුතුයි. ඒ වගේම ඔවුන් සියල්ලටම තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. අපේ දැනුම අනුව අවුරුදු 7ක් සිරදඬුවම් හා ලක්ෂ 2ක දඩයක් පැනවිය හැකියි මේ වැරදි සම්බන්ධයෙන්.”

“යාල උද්‍යාන භාරකාරවරයා, නියෝජ්‍ය උද්‍යාන භාරකාරවරයා, වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දුරකථන දත්ත වහාම විද්‍යාත්මක පරීක්ෂාවකට ලක්කළ යුතුයි. නිලධාරීන්ට යම් බලපෑමක් සිදුවුණා නම් ඒ කවුද කියලා වහාම හෙළිකළ යුතුයි.”

ඩිෆෙන්ඩර් සහ කැබ්රථවලින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි පිරිසක් පසුගියදා යාල වනෝද්‍යානයට ඇතුළු එම පරිසර පද්ධතියට හානිදායක ලෙස කටයුතු කර තිබුණි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment