සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයට අයත් කණ්ඩායම් හතරක් අද තරග වැදීමට නියමිතය.
ඒ අනුව පළමු තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30ට එංගලන්තය කණ්ඩායම සහ අයර්ලන්තය කණ්ඩායම අතර මෙල්බන්හිදී ආරම්භ වේ.
දෙවන තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර මෙල්බන් හිදී පැවැත්වෙනු ඇත.
පළමු තරගය ආරම්භ කිරීම සදහා කාසියේ වාසිය උරගා බැලීම උදෑසන 9.00ට සිදුකළ අතර, එහිදි එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර් විසින් කාසියේ වාසිය දිනා ගනු ලැබීය.
ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව අයර්ලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදෙනු ඇති.