වෙනත් වර්ෂවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දරුවන් අතරද ඩෙංගු රෝගය පැතිරෙමින් පවතින බව එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී විජේසුරිය පැවසුවේය.
වසරේ මේ දක්වා ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 53,901 ක් වාර්තා වන බවයි ප්‍රජා වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික වීරසිංහ ප්‍රකාශ කළේය.
ඒ අතරින් සියයට 60 කට වඩා ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි ඔහු සඳහන් කළේය.