2022 T20 ලෝක කුසලානය සඳහා අද එංගලන්තය සහ අයර්ලන්තය අතර මෙල්බර්න්හිදී පැවති තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් පසු අයර්ලන්තය ලකුණු 5කින් (D/L ක්‍රමයට) ජයග්‍රහණය ලැබුවා.
මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 19.2 දී සියල්ලන්ම දැවී ලබාගත හැකි වුයේ ලකුණු 157කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත පිලට වර්ෂාවෙන් තරඟයට බාදා එල්ලවනවිට ලබාගත හැකිව තිබුනේ ලකුණු 105ක් පමණි. ඒ පන්දු වාර 14.3 ක් තුල කඩුළු 05 ක් දැවී ගොස්ය.
ඒ අනුව ලකුනු 05ක් පසුපසින් එංගලන්තය D/L ක්‍රමයට අනුව පරාජයට පත්වුනා. තරඟයේ වීරයා ලෙස අයර්ලන්ත කණ්ඩායමේ Andrew Balbirnie තෝරා ගැනුනා.