මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා.
විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, ආසන්නම පළාත් පාලන මැතිවරණයට ප්‍රමුඛත්වය දෙමින් පාර්ලිමේන්තු සහ පළාත් සභා ඇතුළු සමස්ත මැතිවරණ ක්‍රමය සංශෝධනය මෙහි අරමුණ බවයි.
එහිදී පළාත් පාලන මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩකින් අඩුකිරීම ඇතුළු පවතින මැතිවරණ ක්‍රමයේ ගැටළු විසඳීමට අවධානය යොමුකරනු ඇති.
එමෙන්ම, මැතිවරණ ක්‍රමය සංශෝධනයට දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත කමිටුව සකස් කළ වාර්තාවේ නිර්දේශ ද සැලකිල්ලට ගැනීමට නියමිතයි.
සියලු පාර්ශවවල අදහස් සහ යෝජනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.