ඉරාන පොලිසිය "අවිධිමත් ලෙස හිජාබය පැළඳ සිටි බවට" චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවේ දී මිය ගිය මහ්සා අමිනීගේ උපන් නගරය වන Saqqez හි පැවති විරෝධතාවයන් වෙඩි තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මහ්සා අමිනීගේ සොහොන අසල දහස් ගණනක් විරෝධතාකරුවන් රැස්ව සිටි අතර, ඇයගේ මරණයෙන් දින 40 ක් ගතවීම නිමිත්තේන් මෙසේ විරෝධතාවයන් සංවිධානය කර තිබුණා.
මෙහිදී විරෝධතාකරුවන් වෙත පොලිසිය සහ ආරක්ෂක අංශ, සජීවී වෙඩි සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.
22 හැවිරිදි අමිනී මිය යාමෙන් පසු ඉරානය පුරා මෙසේ විරෝධතා පැතිර ගියේය.