ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් ඉන්දියාව බටහිර රටවලට වඩා ඉදිරියෙන් සිටින බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක විරේන්ද්‍ර ෂෙවාග් ට්විටර් පණිවිඩයක් මගින් පැවසුවේ පසුගිය අඟහරුවාදා (25) ඉන්දිය කණ්ඩායමේ පුහුණු සැසියෙන් පසු සිඩ්නි හිදී පිරිනැමුනු ආහාර පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් නොසතුටින් සිටින බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර ලෙසයි.
"බටහිර රටවල් ඉතා හොඳ ආගන්තුක සත්කාරයක් ලබා දෙන බව යමෙකු සිතූ කාලය ගෙවී ගොස් ඇත. ඉහළම ප්‍රමිතියෙන් යුත් ආගන්තුක සත්කාර සැපයීම සම්බන්ධයෙන් ඉන්දියාව බොහෝ බටහිර රටවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටී," ලෙස ෂෙවාග්ගේ ට්වීටර් පණිවුඩයේ සඳහන් විය.
Gone are the days when one used to think that the Western countries offer so good hospitality. India are way ahead of most western countries when it comes to providing hospitality of the highest standards.
— Virender Sehwag (@virendersehwag) October 26, 2022