අහුංගල්ල RIU හෝටලය ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දී පසුගිය ඔක්‍තොබර් 12 දින වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා තැත් කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ වරදට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අහුංගල්ල පොලිස් වසමේ තුඩුව පන්සල ඉදිරිපිට සුගත වැඩිහිටි නිවස තුල දී කළ වැටලීමකදී.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙක් වන අතර දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටී නැමැත්තාගේ ගෝලයෙකු ලෙස සැලකේ.
ලොකු පැටීගේ මෙහෙයවීම මත පසුගිය 12 වන දින අහුංගල්ල ප්‍රදේශයේ, තට්ට කුමාර නැමැති අන්වර්ථන නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයා ඝාතනය කිරීම සදහා පැමිණි පුද්ගලයින් දෙදෙනාට පහසුකම් සලසා ඇත්තේ අත්අඩංගුවට පත් පුද්ගලයායි.
සැකකරු ඔහුගේ නිවසේදී අදාළ පුද්ගලයින් දෙදෙනා පැමිණි මෝටර් රථයේ අංක තහඩු වෙනස් කර ව්‍යාජ අංක තහඩු යොදා ලොකු පැටී සමගින් සම්බන්ධීකරණය කරමින් වෙඩි තැබීම සදහා යොදා ගන්නා ලද ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිණිඅවිය අහුංගල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ලබාගෙන වෙඩික්කරුවන් වෙත ලබා දී තට්ට කුමාර නැමැත්තා වෙඩික්කරුවන් හට පෙන්වා දී ඇත.
වෙඩි තැබීමෙන් පසු ඒ සදහා යොදාගත් ගිණි අවිය හා මෝටර් රථය ලොකු පැටීගේ දැනුම්දීම මත මෙම සැකකරු විසින් වෙනත් පාර්ශවයක් වෙත ලබා දී වෙඩික්කරුවන් හට පලා යාම සදහා මග පෙන්වීම සිදු කිරීම මගින් මෙම සැකකරු තට්ට කුමාර නැමැත්තා ඝාතනය කිරීම සදහා අනුබල දීම සිදු කර ඇත.