කැනඩාව පිහි ඇනුමකින් කැළඹෙයි.... 10ක් මරුට

September 05, 2022 - 8:17 AM

කැනඩාව පිහි ඇනුමකින් කැළඹෙයි.... 10ක් මරුට | විදේශීය පුවත්

කැනඩාවේ - සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කැනේඩියානු පොලිසිය පැවසුවේ, මෙම අපරාධයට පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධ බවත්, තවමත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

එරට දේශීය රක්ෂිතයක් ආසන්නයේ පිහිටි වඩාත් ජනාකීර්ණ නගරයක් වන Saskatoon සිට කිලෝමීටර් 150කට ආසන්න දුරකින් පිහිටි ග්‍රාමීය නගරයක් වන වෙල්ඩන් හි දියි මෙම අපරාධය සිදු ව ඇත්තේ.

මෙම පිහි ඇනුමෙන් පසුව රෝයල් කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය විසින් පෙරවරු 07න් පසුව අනතුරුදායක පුද්ගලයින් පිළිබඳ වන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පොලිසිය විසින් මේ වනවිට සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති අතර, 30 හැවිරිදි වියෙහි පසුවන Damien Sanderson හා 31 හැවිරිදි Myles Sanderson නමැත්තන් මෙම ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ මෙම සිදුවීම විස්තර කළේ "භයානක හා හද කම්පා කරවන" සිදුවීමක් ලෙසයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment