මෙවර ජනතාව පෙළගස්වන්නේ සටන් දෙකක් දිනන්න - ලාල්කාන්ත

October 27, 2022 - 10:16 PM

මෙවර ජනතාව පෙළගස්වන්නේ සටන් දෙකක් දිනන්න - ලාල්කාන්ත | දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවමින්, ජනාධිපති ඉවත් කිරීමේ සටනට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නායකත්වය ලබාදෙන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය නමින් කොළඹ හයිඩ් පිටියේ අද (27) පැවති විරෝධතා රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා,

"තාම හොරු ඉන්නවා. හොරු පන්නමු. හොරාකාපුවා නැවත පවරාගමු. ජනාධිපති යැවුවා වගේ පාර්ලිමේන්තුවත් විසුරුවලා.. ජනාධිපතිවත් යවන සටනකට ජනයා පෙළගස්වන්න ඕනේ."

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ නියෝජිතයින් ලිප්ටන් වටරවුමේ සිට කොළඹ හයිඩ් පිටිය දක්වා එලෙස අද පස්වරුවේ පාගමනින් පැමිණ මෙලෙස විරෝධතාවය පළ කළේය.

රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයින්ට ප්‍රමාණවත් දීමනාවක් ලබාදීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම, තෙල්, වරාය, විදුලිය වැනි රාජ්‍ය දේපළ විකිණීම නැවැත්වීම ඇතුළු කරුණු 07ක් වහාම ඉටුකරන ලෙසට රජයට බලකරමින් මෙම විරෝධතා රැළිය සංවිධාන කර තිබුණි.

මේ අතර රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයිය ශීෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වුණි.

එය සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසිනි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment