ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිල දී ගත් බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉලොන් මස්ක් සඳහන් කරන්නේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සඳහා සිදු කෙරුණු ඇමරිකානු ඩොලර් බිලියන 44ක ගනුදෙනුව අවසන් බවයි.
ඉන් නො නැවතුනු ඉලොන් මස්ක් ට්වීටර් මූලස්ථානයට සින්ක් එකක් රැගෙන පමිනෙන්නේ එය ගිලෙන්න දෙන්න යයි කියමින්.
මේ අතර ට්විටර් සමාගම ඉලෝන් මස්ක් අතට පත් වීමෙන් අනතුරුව එහි 75%ක සේවක කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව කටකතා පැතිරුණත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව ඉලෝන් මස්ක් ව උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය සඳහන් කරනවා.
Dear Twitter Advertisers pic.twitter.com/GMwHmInPAS
— Elon Musk (@elonmusk) October 27, 2022
Entering Twitter HQ – let that sink in! pic.twitter.com/D68z4K2wq7
— Elon Musk (@elonmusk) October 26, 2022