කෝපා කමිටුවට මනූෂ⁣ගෙන් දෝස් මුරයක්

October 28, 2022 - 8:20 AM

කෝපා කමිටුවට මනූෂ⁣ගෙන් දෝස් මුරයක් | දේශීය පුවත්

රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් ව ඇති විදේශ රැකියා මල් වට්ටියට අතසා ගැනීමට පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව නින්දෙන් ඇහැරී ප්‍රශ්න කරන බවත්, ඔවුන් එලෙස ප්‍රශ්න කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යභාරය හරි හැටි නොදැන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද පවසා සිටියේ ය.

ඒ මාකොළ ප්‍රදේශයේ දී ඊයේ(ඔක්.27) දින විවෘත වූ නොදර්න් කැම්පස් වෘත්තීය සහ උසස් අධ්‍යාපන ආයතනයක් විවෘත කිරීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. එහි දී පැමිණ සිටි පිරිස ඇමැතූ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේය.

විදේශ රැකියා ක්ෂේත්‍රය රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා. වෙනදට වඩා ලොකු පිබිදීමක් තියෙනවා, ඒ නිසා හැමෝම බලන්නේ මේ මල් වට්ටියට අත ගහන්නේ කොහොමද කියලයි. කෝපා කමිටුව සති දෙකක් තුළ පුහුණුව පිළිබද වැඩසටහන් ඉල්ලන්නේ ඒකයි. එයාලා කියන්නේ 2016 ඇමෙරිකාවෙන් ලැබුණු නර්සින් ඇග්‍රීමන්ට් එකට යවන්න පුළුවන් වුණේ තුන් දෙනයි, එහෙම වුණේ පුහුණුවක් නැති නිසා, ඒ නිසා වහා ම සති දෙකක් තුළ මේ ප්‍රශ්න විසදන්න කියලා තමයි කෝප් කමිටුව නියෝග කරන්නේ. 

කොහෙමද පුහුණු වැඩසටහන් කෙරෙන්නේ, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩපිලිවෙල මොකද්ද, වගකීම මොකද්ද නොඅසා එක පාරට ප්‍රකාශ නිකුත් කරනවා. විදේශ සේවා නියුක්තිය පිළිබද නියාමනය කිරීමේ ආයතනය තමයි විදේශ සේවා නියුක්ති කාර්යංශය. හැබැයි කෝප් කමිටුවේ දී එක් මන්ත්‍රීවරයෙක් අහන්නේ ඇයි විදේශ රැකියා පෞද්ගලික අංශයට විවෘත නොකරන්නේ කියලයි. රජය එහෙම රට යන්නේ නෑ. රාජ්‍යයන් රාජ්‍යයන් අතර තියෙන රැකියා ගිවිසුම්වලිනුත් රජය යවන්නේ 01%යි. ඉතිරි 99% ම යවන්නේ පෞද්ගලික අංශය. ඒවා නොදැන මාධ්‍යයට කියනවා පෞද්ගලික අංශයට යවන්න දෙන්නේ නෑ කියලා. කෝප් කමිටුවේ දීත් නොදැනුවත්කම ප්‍රදර්ශනය කරනවා.

යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා

WhatsApp
Telegram
Make a Comment
Make a Comment