ඇමෙරිකාවේ ලොස් ඇනජලිස් නුවර පවත්වනු ලබන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ඊයේ (ඔක්.27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකට අදාලව විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් නියෝග කර තිබෙන පසුබිමක ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් ඔහුව මෙසේ හරවා එවූ බව එහි නිලධාරියෙකු ප්‍රකාශ කළා.
ඔහු ඊයේ රාත්‍රී 08.15 ට කටාර් ගුවන් ගුවන් සේවයට අයත් QR- 655 දරන ගුවන් යානයෙන් ප්‍රථමයෙන් කටාර් රාජ්‍ය වෙතද පසුව අමෙරිකාව බලා පිටත් වීමටත් නියමිතව තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුව ඔහු ගුවන්තොටුපලට පැමින සිටි පිරිස් සමග සෙල්ඡාෆි ඡයාරූප වලටද පෙනී සිට ඇති අතර සුහද ලෙසින් කටුනායකින් නික්ම ගොස් තිබෙනවා.