පොහොරත් නැතිව චීන නැවට ගෙවපු ඩොලර් ලක්ෂ 69 මතකද?

September 05, 2022 - 11:42 AM

පොහොරත් නැතිව චීන නැවට ගෙවපු ඩොලර් ලක්ෂ 69 මතකද? | දේශීය පුවත්

චීන පොහොර නැව සම්බන්ධ ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා ක්‍රියාවලියක් සැකසීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

අදාළ සමාගම කාබනික පොහොර ගනුදෙනුව අදාළව ඇතිකරගත් සමථය ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ ලේඛනගත කරන ලෙස විගණකාධිපතිවරයා රජයට නිර්දේශ තිබේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවිපලක නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment