සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දින ගැන කොමසාරිස් කියයි

October 28, 2022 - 10:10 AM

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දින ගැන කොමසාරිස් කියයි | දේශීය පුවත්

මේ වසරේ පැවැත්වුණු 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදී පැවැත්විය.ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 517,486 කි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment