ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග තීරකවරුන් කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමිව ඇත.
ඒ අනුව එම කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට අයර්ලන්තයට අවස්ථාව හිමිව තිබේ.
ඒ ප්‍රසාද ලකුණු 3ක් හිමිකරගනිමිනි.
මීට පෙර ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකරගෙන සිටි අතර මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ 3 වන ස්ථානය දක්වා පහළට ගොස් තිබේ.
ඇෆ්ගනිස්තානයට පිට පිට අවස්ථා දෙකක දී තරගය අත්හැර දැමීමට සිදුවීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 2ක් හිමිවුවද එංගලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.
පළමු කාණ්ඩය යටතේ තවදුරටත් පෙරමුණේ සිටින්නේ ප්‍රසාද ලකුණු 3ක් ලබා සිටින නවසීලන්ත කණ්ඩායමයි.