ශ්‍රී ලංකා - තායිලන්ත ගිවිසුම ගැන සාකච්ඡා යළි ඇරඹේ

October 28, 2022 - 1:07 PM

ශ්‍රී ලංකා - තායිලන්ත ගිවිසුම ගැන සාකච්ඡා යළි ඇරඹේ | දේශීය පුවත්  | ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කළ බව මෙරට තායිලන්ත තානාපති Poj Harnpol මහතා පවසයි. 

කොළඹ පැවැති ශ්‍රී ලංකා - තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, 2018 වසරේ සාකච්ඡා ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ ඉදිරි පියවර ගත හැකි බවයි. 

"ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව තායිලන්තයට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වුවත් තායිලන්තය වාර්ෂිකව ඩොලර් මිලියන 400ක් පමණ වටිනා භාණ්ඩ ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබනවා. ඒ අනුව පෙනී යනවා අපට එය වර්ධනය කිරීමේ හැකියාවක් පවතින බව. මෙරට පාලනයේ වෙනසත් සමග වත්මන් රජය ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍ර ගත ආර්ථිකයක් ලෙස ගොඩනැගීම සඳහා දේශපාලන අභිලාෂයක් පෙන්නුම් කර තිබෙනවා. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඩොලර් බිලියන 1.5ක වෙළෙඳ පිරිවැටුමක් ඇති කිරීමේ අරමුණෙන් 2018 වසරේ සාකච්ඡා ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ ඉදිරි පියවර ගත හැකියි. 

කොවිඩ් වසංගතය සහ තවත් බොහෝ කරුණු නිසා එය ඉදිරියට ගෙනයාමට නොහැකිවුණා. එහෙත් මැතකදී ආයෝජන මණ්ඩලය සහ ජනාධිපති කාර්යාලය වෙතින් කළ විමසීම්වලදී ඔවුන් ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කරන්න එකඟත්වය පළකළා."

WhatsApp
Telegram
Make a Comment
Make a Comment