පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත මේ මස 26 වනදා සිට ක්‍රියාත්මක වන බව දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පනත් කෙටුම්පත පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, එමඟින් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්‍ෂේත්‍රයට ප්‍රවේශවීමේ හැකියාව හිමිවනවා.
එසේම ගුවන් යානා ඉන්ධන ආනයන ඒකාධිකාරය ඉවත් කිරීම සහ නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කිරීමද පනත මගින් සිදු කෙරුණා.