ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් පාඩම් ඉගෙන ගෙන නවසීලන්තය සමඟ හෙට (29) පැවැත්වෙන තීරණාත්මක තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත හැකි බව ශ්‍රී ලංකා හිටපු වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක පවසනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා පන්දු බලඇණිය 2014 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මාලිංග සහ කුලසේකරගේ පන්දු යැවීම අධ්‍යයනය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.