ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමකින් තොරව විදුලි ගාස්තු නොගෙවූ අත්‍යවශ්‍ය සේවා සපයන රෝහල් ඇතුළු රාජ්‍ය ආයතනවල විදුලිය විසන්ධි නොකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.
විදුලි ගාස්තු නොගෙවූ බවට කොළඹ රිජ්වේ අර්යා ළමා රෝහලේ සිදුකළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඒ බව පැවසීය.
විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අවස්ථා දෙකකදී මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බවට තොරතුරු වාර්තා විය.
පසුගිය 26 වනදා රෝහලේ ආපන ශාලාවේ සහ ආරක්ෂක අංශයේ විදුලිය විසන්ධිකර තිබූ අතර පසුගිය සතියේ ද රෝහලේ එවැනිම විදුලිය විසන්ධි කිරීමක් සිදුකළ බව රෝහල් බලධාරීන් පැවසීය.
මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහල, විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 30ක පමණ මුදලක් ගෙවීමටඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.
විදුලිය විසන්ධි කිරීමත් සමග වෙනත් කාර්යයන් සඳහා වෙන්කර තිබූ මුදල්වලින් රුපියල් මිලියන 08ක මුදලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමෙන් පසුව විදුලි සැපයුම යථාතත්වයට පත්කර ගත් බව ඔහු සඳහන් කළේය.
මේ අතර, රෝහල් ඇතුළු ස්ථානවල අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසුවේය.